‘එජාප 77’ සංවිධානය කරන්න 14ක කමිටුවක්

149

එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සම්මේලනය සංවිධානය කිරීම වෙනුවෙන් 14 දෙනකුගෙන් යුතු කළමනාකරණ කමිටුවක් පිහිටුවීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කර තිබේ.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් සතියේ පැවැති අවස්ථාවේ දී මෙම තීන්දුවට එළැඹ ඇත.

මෙම කමිටුව පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක සාගල රත්නායක, කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් වන හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, කරුණාසේන කොඩිතුවක්කු, නීතිඥ දයා පැල්පොල, රවි කරුණානායක, ක්‍රිෂාන් තියඩෝර්, නීතිඥ සුමුදු කැකුලන්දර, කිත්සිරි මංචනායක, හා මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පත් කර තිබේ.

පක්ෂ සංවත්සරය සහ සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතය. එය පවත්වන ස්ථානය සහ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් තීන්දු කරන බව පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

චමින්ද සිල්වා


advertistmentadvertistment