ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීම උදෙසා HSBC බැංකුව සහ සර්වෝදය ව්‍යාපාරය අත්වැල් බැඳගනියි

75

2023 ජුලි 25, ශ්‍රී ලංකාව – දේශීය ප්‍රජාවන් වෙත සහය දීමට සහ තිරසාර ආර්ථික වර්ධනය දිරිගැන්වීමට HSBC බැංකුව නිරන්තරයෙන්ම ඇප-කැප වී සිටියි. එහි තවත් එක් පියවරක් වශයෙන්, ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය (LJSSS) සමග හවුල්කාරිත්වයක් ඇති කරගත් බව HSBC බැංකුව ප්‍රකාශයට පත් කර ඇත. සර්වෝදය ව්‍යාපාරය යනු, රටේ කාන්තා ව්‍යවසායකයන් සහ කොන් කෙරුණු ප්‍රජාවන් බලගැන්වීමට ඇප-කැප වී කටයුතු කරන සංවර්ධන සංවිධානයකි. මෙම නව හවුල්කාරිත්වය යටතේ 2023 ජුලි මාසයෙන් ඇරඹෙන දෙවසරක ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 40ක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව HSBC බැංකුව ප්‍රකාශ කර ඇත. ව්‍යාපෘතියෙහි ඉලක්කය වන්නේ, රටේ පළාත් පහක සිටින කාන්තා ව්‍යවසායකයන් විසින් මුහණු පා ඇති විශේෂිත අභියෝගයන් සම්බන්ධයෙන් නිසි කටයුතු කිරීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර වල වර්ධනයට සහය සැලසෙන වාතාවරණයක් නිර්මාණය කිරීමයි. සර්වෝදය ව්‍යාපාරයේ සංවර්ධන හස්තය සඳහා වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සර්වෝදය – ෆි්‍යුෂන් (Fusion) හරහා මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ඇත. මෙකී හවුල් වැඩපිළිවෙල මගින් කාන්තා-මූලික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙත පූර්ණ සහය සහ පුහුණුව ලබාදීම සිදු කෙරෙනු ඇත. ඒ සඳහා, බස්නාහිර, නැගෙනහිර, උතුරුමැද සහ උතුරු හා දකුණු පළාත් වල විවිධ කර්මාන්ත සහ ක්ෂේත්‍රයන් හි නියැලුණු කාන්තා-මූලික ව්‍යවසායයන් තෝරා ගනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment