මලයාලම් තරු බැබළුණු කේරළ සිනමා උළෙල

112

හයවැනි වතාවටත් Mammotty හොඳම නළුවා

ඉන්දියානු සිනමාවේ තිබෙන විශාලත්වය සහ සංස්කෘතික විවිධත්වය නිසා ම ප්‍රාන්ත වශයෙන් එරට සිනමාව බෙදී පවතී. එය උතුරු ඉන්දියානු සිනමාව සහ දකුණු ඉන්දියානු සිනමාව වශයෙන් ප්‍රධාන වශයෙන් අංශ දෙකකට බෙදී ඇත. දකුණු ඉන්දියානු සිනමාවත් යළි මලයාලම් – දමිළ – තෙළිඟු – කන්නඩ ආදී වශයෙන් ප්‍රාන්ත අනුව බෙදී ඇත. මලයාලම් සිනමාව යනු ඒ ආකාරයෙන් කේරළ ප්‍රාන්තය මුල් කරගෙන බිහි වුණු චිත්‍රපට ක්ෂේත්‍රයයි.

මලයාලම් තරු බැබළුණු කේරළ සිනමා උළෙල

ඒ අනුව 1969 වසරේ දී ආරම්භ වූ Kerala State Film Awards උළෙල මේ වනවිට 53 වතාවක් පවත්වා තිබේ.

පසුගියදා Kerala State Film Awards 53 වැනි උළෙල අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙය සංවිධානය කරනු ලැබුවේ කේරළා සංස්කෘතික අමාත්‍යාංශය විසිනි.

පසුගියදා පැවැත්වූ එම සම්මාන උළෙලට 2022 වසර පුරාවට තිරගත වුණු මලයාලම් චිත්‍රපට 150කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වූ අතර එයින් විශිෂ්ටතමයින් උදෙසා පසුගියදා ජයග්‍රහණ පිරිනැමිණි.

මලයාලම් තරු බැබළුණු කේරළ සිනමා උළෙල

මෙහිදී “වසරේ විශිෂ්ටතම චිත්‍රපටයට” හිමි සම්මානය දිනාගත්තේ ලිජෝ ජෝසේ පෙල්ලිස්සරි විසින් අධ්‍යක්ෂණය කළ Nanpakal Nerathu Mayakkam (2022) සිනමාපටය යි. Nanpakal Nerathu Mayakkam වසරේ විශිෂ්ටතම චිත්‍රපටය බවට පත්වද්දී “වසරේ විශිෂ්ටතම රංගන ශිල්පියා” බවට පත්වූයේ ද එහි

ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රවීණ මලයාලම් නළු Mammotty යි. ඔහු මීට පෙර පස් වතාවක දීම හොඳම නළුවාට හිමි කේරළ ප්‍රාන්ත සම්මානය දිනාගෙන තිබෙන අතර එම සම්මානය වැඩිම වතාවක් ජයග්‍රහණය කළ ඉන්දියානු සිනමාකරුවා වන්නේ ද ඔහුයි.

මලයාලම් තරු බැබළුණු කේරළ සිනමා උළෙල

මෙවර සම්මාන ප්‍රදානයේ දී “වසරේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට” හිමි සම්මානය දිනා ගැනීමට Ariyippu අධ්‍යක්ෂණය කළ Mahesh Narayanang හැකිවුණා. හොඳම දෙවැනි සිනමාපටය ලෙසින් ජයග්‍රහණය කළේ Adithattu නමැති මලයාලම් සිනමා නිර්මාණයයි.

Rekha සිනමාපයේ ඉදිරිපත් කළ පෙරළිකාර රංගනය වෙනුවෙන් Vincy Alishious “වසරේ හොඳම නිළිය” ලෙසට තේරී පත්විය. Rekha චිත්‍රපටයේ ඇගේ රංගනය පසුගිය වසර පුරා ම බොහෝමයක් සිනමා විචාරකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේඇගයුමට ලක්විණි.

මලයාලම් තරු බැබළුණු කේරළ සිනමා උළෙල

මෙවර සම්මාන උළෙලේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගත්තේ Nna Thaan Case Kodu නමැති මලයාලම් සිනමාපටය යි. Ratheesh Balakrishnan Poduval විසින් අධ්‍යක්ෂණය කළ එය හොඳම චරිතාංග නළුවා, හොඳම පසුබිම් සංගීතය, හොඳම කලා අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 07ක් ජයග්‍රහණය කරන ලදී. මලයාලම් නළු Kunchacko Boban හට මෙවර ලැබුණු ජූරියේ විශේෂ ඇගයුම හිමි වූයේ ද Nna Thaan Case Kodu චිත්‍රපටය තුළ ඉදිරිපත් කළ රංගනය වෙනුවෙනි.

මලයාලම් තරු බැබළුණු කේරළ සිනමා උළෙල

මෙවර උළෙලේ ජූරිය නියෝජනය කරමින් ජූරි සභිකයින් නව දෙනෙකු සහභාගී වූ අතර ජූරියේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ අග්‍රගන්‍ය බෙංගාලි සිනමාකරුවෙකු – සංගීතවේදියෙකු ලෙසින් හැඳින්වෙන Goutam Ghose විසිනි. ඊට අමතරව Dr. KM Sheeba, VJ James Roy P’ Thomas, B Rakesh, Sajas Rahman, Vinod Sukumaran , Nemam Pushparaj, KK Madhusudhanan යන ජූරි සභිකයින් කේරළ ප්‍රාන්ත සම්මාන උළෙලට තම දායකත්වය ලබා දී තිබිණි.

නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment