එන්පීපී එකේ ආත්මගෞරවය ගැන සිතා බලය අල්ලන්න ආණ්ඩුව සමග එක්වෙන්නේ නෑ – සර්වජන බලය නායක දිලිත් ජයවීර

9

‘හොරු සහ නයි පෙන්නපු අය එකතු වෙලා’ යන චෝදනාව ජාතික ජන බලවේග ආණ්ඩුවට එල්ල විය හැකි බැවින් ඉදිරියේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ වැඩවලට ආණ්ඩුව සමග සම්බන්ධ නොවී සිටීමට සිදුවන බව සර්වජන බලය පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

“වසන්ත සමරසිංහ ඇමැතිවරයා මටත් ආරාධනා කර තිබුණා පළාත් පාලන ආයතන පිහිටුවන්න එන්න කියලා. නමුත් එතුමන්ලාගෙන් අහන්න මට ප්‍රශ්න වගයක් තිබෙනවා. අදත් අර නයි ප්‍රශ්න මතු කරලා තිබුණා. ඇන්ටිජන් ගෙන්වීම ගැන මටත් ලොකු චෝදනාවක් කර තිබුණා. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ ආත්මගෞරවය ආරක්ෂා කිරීම සඳහා ඒ වගේ වැඩවලට සම්බන්ධ නොවී ඉන්න අපට සිද්ධ වෙනවා. අපි එන එක එන්පීපී එකට හොඳ නෑ. හොරු සමග නයි පෙන්නපු අය එකට එකතු වෙලා කියලා ඒ පක්ෂයට චෝදනාවක් එන්න පුළුවන්.

මේ ඡන්ද ප්‍රතිඵලය විග්‍රහ කර බලා ඒ පණිවුඩය තේරුම් ගන්න පුළුවන්. අපි සම්ප්‍රදායික පක්ෂවලට මුක්කු ගහන්නේ නෑ කියන එක කියන්න ඕනා. අපේ අයව පැලවත්තට ගෙනත් කතා කරලා අතීතයේ ආණ්ඩු කරපු කුප්ප වැඩේ කරන්න එපා. ජනතාව දීපු පණිවුඩය ආණ්ඩුව තේරුම් ගත යුතුයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment