2025 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ සැළකිව යුතු වර්ධනයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. , ඒ අනුව සංචාරකයන්ගේ පැමිණීම් සහ ඉපැයීම් කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් කියා තිබේ .
එම වාර්තා අනුව , 2025 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ සංචාරකයන්ගේ පැමිණීම 722,276 ක් වූ අතර එය 2024 දී එම කාලයට සාපේක්ෂව 13.6% ක වැඩිවීමකි. එම කාලය තුළ පැමිණීම් 635,784 කි .සංචාරක අංශයේ ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවා ඇත.
|