දරුවන්ගේ ඔටිසම් රෝග තත්ත්වය ගැන දැනුවත් කිරීමේ පා ගමනක් කොළඹ සිට මීගමුව දක්වා කොළඹ රිකනෙක්ෂන් රොටරි සමාජය හා බොරැල්ල ළමා රෝහල එක්ව පවත්වන ලදි.
මෙමගින් ලැබෙන ආධාර බොරැල්ල ළමා රෝහලේ ළමා වාට්ටුවක් ඉදිකිරීමට වැය කිරීමට නියමිතය.
එම රොටරි සභාපති යොලන්කා ඇල්ලේපොල පා ගමන ඇරඹූ අයුරු. ලේකම් දිලන්කා හේරත්, සංවිධායක හැරල්ඩ් සන්දරසාගර, ළමා රෝහලේ වෛi සංතුෂ්ක සේනාපති, චම්පා පෙරේරා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
නිශේන්‍ද්‍ර සිල්වා