ලබන වසරේ ඔක්තෝබර්වලදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි

127

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

අපේ රටේ පාලකයින්ට මේ විධායක පුටුව බර වැඩියි. මේ පුටුවේ වාඩි වෙන්න තරම් අපේ රටේ නායකයින්ගේ මනස දියුණු නැහැ යැයිද ලබන වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්වීමට සිදුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් පල කළේ වැලිමඩදී පැවති විද්වත් වෘත්තිකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ හමුවකට 22 දා සහභාගී වෙමිනි. ඒසඳහා බදුල්ල දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ පක්ෂ ක්‍රියාකාරින් පිරිසක්ද වෘත්තිකයින් හා ව්‍යාපාරිකයින් පිරිසක්ද එක්ව සිටියහ.

මෙහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ රටේ විධායක ජනාධිපති ධුරය මේ රටට සුදුසු නැහැ. අපේ රටේ අවුරුදු 45 ක් තිබුනේ විධායක ජනාධිපති ක්‍රමය. මේ අවුරුදු 45 ක කාලය තුළ අපේ රටේ සිදුවන දේ ගැන දැක්කම අපිට තේරෙනවා මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට ගැලපෙන්නේ නැහැ. මේ විධායක ජනාධිපති ක්‍රමය කියන එක අපේ රටේ පාලකයින්ට බර වැඩියි. මේ පුටුව බර වැඩියි. ඒ පුටුවේ වාඩි වෙන්න තරම් ඒ අයගේ මනස දියුණු නැහැ. එන්.එම්. පෙරේරා මහත්තයා මේ ව්‍යවස්ථාව හදන කාලයේ කිව්වා මේකේ පිස්සෙක් වාඩි වුණොත් මොනවා වෙයිද කියලා. වෙච්ච දේවල් දැක්කානේ. දැනුත් දකිනවා. ඔය විධායක ජනාධිපති ධුරයට පුළුවන් ඕනෑම වරදකට වැරදිකරුවෙක් වුණ අයෙක් නිදහස් කිරීමේ බලය තියෙනවා. නඩුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ බලය තියෙනවා. නඩුවේ අඩක් ක්‍රියාත්මක කිරීමේ බලය තියෙනවා. නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම පස්සට දාන්න බලය තියෙනවා. ඔක්කොම බලය තියෙනවා විධායක ජනාධිපතිතුමාට. අපේ රටේ ක්‍රියාත්මක වුනේ කොහොමද.
බොරලන්ද සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment