මධ්‍යම කඳුකරයට අධික වැසි ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට

204

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි, මවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය.

ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලිවල ජල ධාරිතාව ඉහළ ගොස් ඇත.

ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමග විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසීය.

ඡායාරූප හා සටහන නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment