රග්බිවලින් මහනුවර තවදුරටත් අපරාජිතයි

96

නිපෝන් පේන්ට් අභියෝග කුසලාන ප්‍රදානය වෙනුවෙන් දැන් ක්‍රියාත්මක අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 05 වැනි සති අන්තයේ පැවැති තරග ආශ්‍රිතව ජයග්‍රහණ වාර්තා කර ගනිමින් කැපී පෙනෙන්නට මහනුවර ක්‍රීඩා සමාජය, නාවික හමුදාව සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

ඒ අනුව මෙතෙක් පැවැති තරග ආශ්‍රිතව එකම අපරාජිත කණ්ඩායම බවට පත් වන්නට මහනුවර ක්‍රීඩා සමාජයට හැකියාව ලැබිණි. ඒ ඔවුන් මුහුණ දුන් තරග පහම ජයග්‍රහණය කරමිනි.

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය වාර්තා කර ගත් සිව් වැනි ජයග්‍රහණය මෙය වූ අතර නාවික හමුදාව ඉදිරියේ සටහන් වූ දෙවැනි ජයග්‍රහණයයි.

මහනුවර හමුවේ පොලිසිය ද නාවික හමුදාව හමුවේ යුද හමුදාව ද හැව්ලොක්ස් සමාජය ඉදිරියේ සී. එච්. ඇන්ඩ් එෆ්.සී. සමාජය ද ඉකුත් සති අන්තයේ දී පරාජය ලැබීය.

ඉකුත් සති අග තරග ප්‍රතිඵල

නාවික හමුදාව 41 යුද හමුදාව 30

මහනුවර 22 පොලිසිය 12

හැව්ලොක්ස් 31 සී.එච්. ඇන්ඩ් එෆ්.සී. 17
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment