ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

136

වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරග 2කින් යුත් මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

එහි පළමු තරගය මෙම මස 29වැනිදා ආරම්භ වේ.

මෙම ටෙස්ට් තරගාවලියට අමතරව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්දින තරග 2කට ක්‍රීඩාකිරීමටද නියමිතය. එම තරග පෙබරවාරි 12 සහ 14 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.


advertistmentadvertistment