කඩුගන්නාවේදී බසයක් ගසක හැප්පෙයි

195

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේදී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇත.කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තිබු බස් රථය කඩුගන්නාව, ඩෝසන් කුළුන ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.තුවාලකරුවන් කඩුගන්නාව, හේනාවල රෝහලට ඇතුළත් කර ඇත. බරපතළ තත්ත්වයේ පසුවු දෙදෙනෙකු මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.බස් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් අනතුරට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


advertistmentadvertistment