ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී පිළිගැනීමේ උත්සවයක් හික්කඩුවේදී පැවැත්වුණි.
අනුෂ්කා පාසල් ගිය හික්කඩුව සුමංගල විද්‍යා ලයේ ආදි ශිෂ්‍යයින් විසින් පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණි. අනුෂ්කාව රිය පෙරහැරකින් හික්කඩුව නගරයේ සිට හික්කඩුව සුමංගල විද්‍යාලයට රැගෙන ආ අතර හික්කඩුව සුමංගල හිමිගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පිරිත් සජ්ඣායනා කරමින් ඇයට ආශිර්වාද එක්කළහ. අනතුරුව කෙටි උත්සවයක් පවත්වා ආදි ශිෂ්‍යයින් සහ පාසලේ ශිෂ්‍යයින් එක්ව ඇයට සුබ පැතුම් එක්කළහ.