කණාදොල කසළ කන්දේ ගින්නට දින තුනක්

100

රත්නපුර නගරයේ කුණු කසළ බැහැර කරන කණාදොල කසළ කන්ද දින තුනක සිට ගිනි ගනිමින් තිබේ . රත්නපුර ප්‍රාදේශීය ලේකම් ප්‍රදීපිකා ඉළුක්කුඹුර මහත්මිය ඊයේ 07 වැනිදා පැවසුවේ මෙම ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි. රත්නපුර නගර සභාව, රත්නපුර ආපදා කළමනාකරණ ඒකකය සහ හමුදාව එක්ව ගින්න නිවමින් පවතින බවත් පවතින වියළි කාලගුණික තත්ත්වය සහ කසළ මතුපිටින් ගිනි ගන්නා නිසා ජලය ඉසිනු ලැබුවද එකවරම ගින්න අවසන් නොවෙන බවද ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය. රත්නපුර කණාදොල කසළ කන්ද පාමුල වෙලකටද ගින්න පැතිර ගොස් තබූ අතර එම ස්ථානයේ ගින්න නිවා දමා තිබේ. රත්නපුර මහ නගර සභාවේ නිලධාරින් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් ඊයේ 07 වැනිදා දිනයේදීත් මෙම ගින්න පාලනය කිරීමට එම ස්ථානයට ගොස් තිබුණි. කසළ කන්දේ විශාල ප්‍රදේශයකට ගින්න පැතිර තිබේ. පවතින සුළං තත්ත්වය ද කසළ කන්ද යටින් ගිනි ගැනීමද නිසා ගිනි නිවන අයට ගින්න නිවීමට බාධා එල්ලවී තිබේ.
කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment