කනිෂ්ට වූෂු ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වූෂු පුහුණු කඳවුරක් 07 දින මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකා වූෂු සම්මේලනය මගින් සංවිධානය කරන ලද මෙම පුහුණු කඳවුර ඉරාන ජාතික අන්තර් ජාතික වූෂු පුහුණුකරු වන ආචාර්ය ශිබැක් අබ්බාස් මහතා විසින් මෙහෙයවන ලදී. ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ හිටපු අන්තර් ජාතික වූෂු පුහුණුකරු මෙන්ම වත්මන් ලෝක ශුර ඉරානයේ කනිෂ්ට ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස ආචාර්ය ශිබැක් අබ්බාස් කටයුතු කරයි.
දිවයිනේ සිටින දක්ෂතා සහිත වූෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතාවයන් වැඩිදියුණු කිරීම හා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික හා ජාත්‍යන්තර තේරීම් තරගවලදී ශ්‍රී ලංකා කනිෂ්ට ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම මධ්‍යම පළාත් වූෂු කඳවුර සඳහා කනිෂ්ට ක්‍රීඩකයන් 500 දෙනකු පමණ සහභාගි වී සිටියහ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති, ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ලේකම් විජිත් එදිරිසිංහ, ජාතික තරග කමිටු ලේකම් ආනන්ද කුමාර, මධ්‍යම පළාත් වූෂු සංගමය නියෝජනය කරමින් අජන්ත බණ්ඩාර, මහේන්ද්‍ර ඒකනායක, නිශාන්ත පතිරාජ, නන්දන සමරසිංහ, රන්ජිත් බණ්ඩාර, අජන්ත රුවන් කුමාර යන උපදේශකවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන