තම නිපුණතාව මැනවින් ඔප්පු කර පෙන්වන්නට සමත්වූ සෙනුර සිල්වා සහ බිමන්දී බණ්ඩාර මෙවර ජාතික කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ වයස අවුරුදු 18 න් පහළ සහ වයස අවුරුදු 15න් පහළ ද්විත්ව ශුරතා දිනා ගැනීමට සමත් වෙමින් කැපී පෙනුණි.
ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ඇති සෙනුර සිල්වා සහ බිමන්දී බණ්ඩාර තමන් සතු දක්ෂතාව මැනවින් හසුරුවමින් අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට මෙවර තරගාවලිය තුළදී දක්නට ලැබුණි. ඉදිරියේදී ක‍්‍රියාත්මක කෙරෙන ජාතික ජ්‍යෙෂ්ඨ ශුරතා තරගාවලියේදී ද පෙරළිකාර ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමේ හැකියාව ඔවුන් සතු බව මෙම තරගාවලිය තුළදී ඔප්පු විය.
ක‍්‍රීඩකයින් 145 කු ගේ සහ ක‍්‍රීඩිකාවන් 135 කු ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරගම පිහිටි මේස පන්දු සම්මේලන පුහුණු මධ්‍යස්ථාන ක‍්‍රීඩාගාරයේ දී පවත්වන ලද මෙවර ජාතික කනිෂ්ඨ ශූරතා මේස පන්දු තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට කුසලාන ප‍්‍රදානය යෞවන කටයුතු හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ ශ‍්‍රී ලංකා මේස පන්දු සම්මේලන සභාපති හා දකුණු ආසියානු මේස පන්දු සම්මේලන සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
අවුරුදු 15 න් පහළ බාලක ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා දිනාගත් අතර එකී බාලිකා ශූරතාව තහවුරු කර ගැනීමට මහනුවර හිල්වුඞ් විද්‍යාලයේ බිමන්දී බණ්ඩාර සමත් වූවාය.
අවුරුදු 15 න් පහළ බාලක අනුශූරතාව ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මෙත් වීරසේන ට හිමි වූ අතර එකී බාලිකා අනුශූරතාව කෑගලූ බාලිකා විදුහලේ චමීෂා තුෂාදී සතු විය. වයස අවුරුදු 12 න් පහළ බාලක ශූරතාව ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ දෙව්මෙත් වීරසේන දිනා ගත් අතර කොළඹ මියුසියස් විද්‍යාලයේ සදින්තී ජයසිංහට එකී බාලිකා ශූරතාව හිමි විය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හරීන් නිම්දිනු ට අවුරුදු 12 න් පහළ බාලක අනුශූරතාව හිමිවන අතර වාරයේ එකී බාලිකා අනුශූරතාව අම්බලන්ගොඩ දේවානන්ද විදුහල නියෝජනය කළ තමාදී කාවින්ද්‍යා සතු විය. වයස අවුරුදු 10 න් පහළ බාලක ශූරතාව මහනුවර විද්‍යාර්ථ විදුහලේ අගස්ති ආනන්දිත දිනා ගන්නා අතර වාරයේ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ අනුගී ඔනාරා එකී බාලිකා ශූරතාවය හිමි කර ගත්තේය.
අවුරුදු 10 න් පහළ ඉසව්වේ බාලක අනුශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නවිරූ මෙත්සිතට හිමිවන අතර වාරයේ එකී බාලිකා අනුශූරතාව ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයේ නිශාදි නිම්තරා තහවුරු කර ගත්තාය.
අවුරුදු 18 න් පහළ බාලක අවසාන තරගයේ දී සෙනුර සිල්වා හමුවේ වට 03 – 00 ක් ලෙස පරාජය වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ වරුෂවිතානට අනුශූරතාව හිමි විය. අවසන් පූර්ව වටයේදී සෙනුර සිල්වා හමුවේ මහනුවර කිංස්වුඞ් විදුහලේ ධනුෂ්ක විජේසිංහ වට 03 – 00 කින් ද හිරුක වරුෂවිතාන හමුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සලූක පේ‍්‍රමචන්ද්‍ර වට 03 – 01 ක් ලෙස ද පරාජය ලැබීය. බිමන්දී බණ්ඩාර හමුවේ තරග වට 03 – 01 කින් පරාජය ලැබූ කොළඹ කාන්තා විද්‍යාලයේ අයිලා චිට්ටී හට වයස අවුරුදු 18 න් පහළ බාලිකා අනුශූරතාව හිමි වූවාය. අවසන් පූර්ව වටයේදී බිමන්දී බණ්ඩාර හමුවේ ලෙසන්යා සෙත්සුතුම්දී වට 03 – 00 කින් ද අයිලා චිට්ටී හමුවේ මනීෂා ෂලින්දී වට 03 – 00 කින් ද පරාජය ලැබීය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර