සිසුවකුට පහරදුන් ගුරුවරියක නිසා ඉන්දියාවේ පාසලක් සීල්

317

ගුරුවරියක් විසින් සිය පන්ති කාමරයේ ඉගෙනුම ලබමින් සිටි මුස්ලිම් ශිෂ්‍යයකුට තදින් පහර දෙන ලෙස සෙසු ශිෂ්‍යයන්ට උපදෙස් දීම හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලික පාසලක් මුද්‍රා (සීල්) තැබීමට ප්‍රාන්ත බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන්ට අනුව පවත්වාගෙන නොයෑමේ චෝදනාව මත උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නේහා රජයේ පාසල මෙලෙස වසා දමා ඇති බලධාරීන් එම පාසලේ ඉගෙනුම ලබමින් සිටි සියලු සිසුන් ප්‍රාන්තයේ සෙසු රජයේ පාසල්වලට හෝ ආසන්නයේ පිහිටි වෙනත් පාසල් වෙත මාරු කර යැවීමට සැළසුම් කර තිබේ.

නේහා රජයේ පාසලේ ඉගෙනුම ලබමින් සිටි හත් හැවිරිදි මුස්ලිම් ශිෂ්‍යයකු විසින් ඔහුගේ පාසල් කාල සටහන වැරදියට සටහන් කරගැනීම හේතුවෙන් එම සිසුවාට සෙසු සිසුන් ලවා පහරදීමට පංති ගුරුවරිය විසින් කටයුතු කර ඇති බව වාර්තා වී තිබේ. අදාළ සිසුවා පහරදීමට ලක් වීමෙන් පසු ඔහුගේ පියා එම සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර සිය පුත්‍රයා පාසලෙන් ඉවත්කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. මෙම සිද්ධියට මුහුණ පෑ මුස්ලිම් සිසුවාට පහරදෙන ලෙස ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පෙළඹවූ පන්ති භාර ගුරුවරිය වන ටි්‍රප්ටා ත්‍යාගිට එරෙහිව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිසිය විසින් පැමිණිල්ලක් ලියාපදිංචි කර ඇතත් එම ගුරුවරියට එල්ල වී ඇති චෝදනාව ඇප ලබාගත හැකි වරදක් වීම නිසා ඇයව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බව වාර්තා වී ඇත. මෙසේ මුස්ලිම් සිසුවකුට පහර දෙන ලෙසට සෙසු ශිෂ්‍යයන් පොළඹවන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජල වෙත නිකුත් වී තිබීම හේතුවෙන් එය නැරඹූ බොහෝ දෙනකු ගුරුවරියට දඬුවම් ලබා දිය යුතුයි යනුවෙන් හඬක් නැඟීමට පෙළඹී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment