කහටගස්දිගිලිය ප්‍රාථමිකයේ දරුවන්ට ආහාර විෂවීමක්

87

කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 03 ශ්‍රේණියේ පාසල් සිසුන් පිරිසක් අද (12දා) උදෑසන පාසලින් ලබා දුන් ආහාර විෂ වීමකින් ආසාත්මික තත්ත්වයට පත්වී කහටගස්දිගිලිය මූලික රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුලත් කළේය.

දිනපතා මේ දිනවල පාසලෙන් උදෑසන ලබාදෙන ආහාර වේල ආහාරයට ගෙන තිබුණි. පසුව කෙටි වේලාවක් ගතවනවාත් සමඟ ඇග කැසීම් තත්ත්වයක් හටගෙන ඇත. ඒ අනුව කඩිනමින් සිසු සිසුවියන් 25 දෙනෙකු ප්‍රථිකාර ලබා දීම සඳහා රෝහල් ගත කිරීමට පාසල් බලධාරින් කටයුතු කර තිබුණි.
එදින උදැසන ආහාර ලෙස කතුරුමුරුන්ගා ලකොල මැල්ලුම්ල හාල්මැස්සන්ල බන්ඩක්කා සිසුන් හට ලබාදී තිබූ බවත් එම ආහාර හේතුවෙන් මෙම ආසාත්මික තාවය ඇතිවී ඇති බව ඒ පිළිබඳ අප කළ විමසීමකදී වෛද්‍යවරුන් පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment