කාදිනල් තුමා ලොයොලා විද්‍යාලයේ අගය කියයි

59
ලොයොලා අදියුරු කෙනඩි පෙරේරා පියතුමා මැල්කම්් රංජිත් කාදිනල් තුමාට තිළිණයක් පුද කරයි.

දළුවකොටුව ලොයොලා විදුහලේ දියමන්ති උළෙල 2024 ජූලි 31 වැනිදා උත්කර්ෂවත් ආකාරයෙන් සිදුකෙරිණි.

විදුහල් භූමියේ පැවැත්වුණු දිව්‍යපූජාව ආරාධිත අමුත්තාණන් වූ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සමග එහි වර්තමාන අදියරු කෙනඩි පෙරේරා පියතුමා සහ එහි ප්‍රාථමික අංශය භාර නුවන් රුද්‍රිගු පියතුමා ඔප්පු කළහ. පූජාසනය ඉදිරියේ සිට ටේ‍රවො මාර්ටින්, රන්ජිත් අන්ද්‍රාදි, අසිත් චාමර, මහිම ගුණවර්ධන, ප්‍රවීන විජේසේකර ආදි පියතුමන්ලා ද විදුහලේ ප්‍රථම අදියරු ලියෝ පෙරේරා පියතුමා ද හිටපු කතෝලික පාසල් කළමනාකාර අයිවන් පෙරේරා පියතුමා ද ආදි නිර්මාතෘවරයෙක් වූ තිලකසිරි ප්‍රනාන්දු පියතුමා ද මෙම පූජෝත්සවයට සහභාගි වූ පළමු පෙළේ පූජක ප්‍රභූවරුන් අතර වූහ. එදින විදුහලේ නාම සාන්තුවරයාණන් වන ලොයොලාහි ශුද්ධ වූ ඉග්නේෂියස් මුනිතුමාගේ මංගල්‍යය දිනය ද වූ අතර ටේ‍රවො මාර්ටින් පියතුමාගේ උපන්දිනය ද විය.

කෙනඩි පෙරේරා පියතුමා එදිනට නියමිත සුවිශේෂය කියෙව්වාට පසු දේශනාව පැවැත් වූ මැල්කම් රංජිත් කාදිනල් තුමා විදුහලේ ඉතිහාසය ගැනත් ශුද්ධ වූ ලොයොලාහි ඉග්නේෂියස් මුනිතුමා රෝහල්ගත වූ අවධියේදී මිනිස් සංහතියට අවශ්‍යම දේ සියලු දේට වඩා දෙවියන් වහන්සේගේ මහිමය සඳහා සහ මිනිස් සංහතියේ ගැලවීම වෙනුවෙන් යේසුන් ක්‍රිස්තුස් වහන්සේ ළඟා කර දුන් ගැලවීම අත්දකිනු ලැබීමට සහාය වීමට ජීවිතය කැප කිරීමට තීරණය කළ බවද පැවසූහ. එය සඳහා ආගම, අධ්‍යාපනය සහ විනය යන තුන්වැදෑරුම් ප්‍රයත්නයක අවශ්‍යතාවය තේරුම්ගත් ශුද්ධ වූ ලොයොලා හි ඉග්නේෂියස් මුනිතුමා සිය ජේසු කූට්ටම නමැති දැවැන්ත පැවිදි නිකාය තුළින් ශුද්ධ වූ සභාවට විශාල සේවයක් සිදුවීමට අඩිතාලම දැමූ බවත් පැවසූහ. සෑම අතින්ම දියුණුව කරා යමින් පවතින ලොයොලා විදුහල ගැන ඉතා සතුටු වන බව පැවැසූ මැල්කම් කාදිනල් තුමා මේ විදුහලෙන් සාන්තුවරුදු ද බිහිවේවා යැයි ප්‍රාර්ථනා කළහ.

මාරියෝ ප්‍රනාන්දුපුල්ලේ


advertistmentadvertistment