කාන්තාවක් මරා බෑගයක දමා ගිය විත්තිකරුට මරණ දණ්ඩනය

242

කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී 2015 වසරේ කාන්තාවක් ඝාතනය කර ගමන් බෑගයක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යෑමේ සිද්ධියට සම්බන්ධ චෝදනාවලට වරදකරු කෙරුණු පුද්ගලයාට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇත.

2015 වසරේ ජූලි මස 29 වනදා කොළඹ ලැගුම්හලකදී ධර්ම රාජා කාර්තිකා නමැති කාන්තාව ඝාතනය කර ඇයගේ මෘත ශරීරය ගමන් මල්ලක බහා කොළඹ බැස්ටියෙන් මාවතේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැට්‍රික් ක්‍රිෂ්ණරාජා නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව සඳහන් කළේය.


advertistmentadvertistment