කැන්ඩි හොකී ෆියෙස්ටා තරගාවලියේ පුෂ්පදාන බී කණ්ඩායමට ශූරතාවය

5

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය හොකී සමාජය විසින් මෙහෙයවන ලද “කැන්ඩි හොකී ෆියෙස්ටා” සය සාමාජික කාන්තා හොකී තරගාවලියේ අවුරුදු 45 න් ඉහළ ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට පුෂ්පදාන “B” කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එකී අංශයේ අනු ශූරතාව පුෂ්පදාන “A” කණ්ඩායම සතු විය. මෙම දෙපිල මුහුණට මුහුණ හමු වූ අවසන් තරගයේ දී ගෝල් 01 – 00 ක ජයග්‍රහණයක මිහිර අත්විදින්නට පුෂ්පදාන “B” පිලට හැකියාව ලැබිණි. එහි දී ජයග්‍රාහී පිල වෙනුවෙන් සටහන් වූ එකම ගෝලය අග්‍රා පබෝධනී රාජනායක රැස් කළාය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති සුධර්මා හේරත් සහ නිමාලි එගොඩගේ ඇතුළුව කුමුදුනී තෙන්නකෝන්, තනුජා වෛද්‍යතිලක, අමිලා කපිලරත්න, දර්ශිකා රණසිංහ, ශ්‍යාමලී බණ්ඩාරනායක, ප්‍රියන්තා සිරිවර්ධන, අග්‍රා පබෝධනී රාජනායක ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළ අතර දීපා රත්නප්‍රිය මිය කළමනාකාරිණිය ලෙස කටයුතු කළාය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment