ධීවරයන් සඳහා මාස හයක කාලයක් සදහා ඉන්ධන සහනාධාර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබූ යෝජනාව ජනාධිපතිවරණය අවසන් වන තුරු ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. ආර්ථික අර්බුදය හේතුකොටගෙන ධීවර කර්මාන්තයට ඇතිවී ඇති බලපෑම අවමකර ධීවර කර්මාන්තය යථාතත්වයට පත්කිරීමේ වැඩසටහන ලෙස නම් කරමින් අමාත්‍ය මණ්ඩලය විසින් මෙම සහනාධාරය ලබාදීමට යෝජනා කර තිබේ.ඒ අනුව පසුගිය අගෝස්තු 28 වැනිදා සියලුම දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂවරුන් වෙත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත විසින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබුණි.
|