කැලණිය දුරුතු මහා පෙරහැර

184

ඓතිහාසික කැලණිය දුරුතු මහ පෙරහැර ඊයේ (5දා) රාත්‍රි විචිත්‍රවත්ව පැවැත්විණි. තායි රජයෙන් කැලණි රජමහා විහාරයට ත්‍යාගයක් ලෙස ලැබුණු කණ්ඩුල ඇතා විසින් සධාතුක කරඬුව වැඩම කරවනු ලැබීය. කැලණිය රජමහ විහාරාධිපති මහෝපාධ්‍ය අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති පෙරහැරේ බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතා ද ගමන් කළේය. හෙළ නැටුම් සංස්කෘතික අංගවලින් අලංකෘතව පැවැති පෙරහැර නැරඹීමට විශාල ජනකායක් පැමිණ සිටියහ.

කැලණිය දුරුතු මහා පෙරහැර

පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත


advertistmentadvertistment