ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවකු වන කුසල් මෙන්ඩිස් කැඳවා තිබේ.
ඔහුට එම කණ්ඩායමේ තැන හිමි වූයේ එංගලන්ත පිතිකරුවකු වන ජොස් බට්ලර්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පැවැත්වෙන එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට එංගලන්තයට යෑමට සිදුවීම නිසාය.
ඒ හේතුවෙන් කුසල් මෙන්ඩිස් ටයිටන්ස් පාලනාධිකාරිය විසින් කැඳවා තිබේ.
කෙසේ වෙතත් ඉන්දු – පාකිස්තාන් යුද වාතාවරණය නිසා පාකිස්තානු සුපර් ලීගය ද කල් දැමූ අතර මෙන්ඩිස් ක්වෙටා ග්ලැඩියේටර්ස් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියේය.
කුසල්ට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් ලැබුණු කැඳවීම නිසා ඔහු නැවත PSL අවසන් අදියරේ ක්‍රීඩා කිරීමට පාකිස්තානයට නොයන බව සඳහන් වෙයි.