කේරළ ගංජා කිලෝ 18 ක් සමග කයිට්ස් හිදී ජාවාරම්කරු මාට්ටු

24

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 18 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම සඳහා සුදානම්ව සිටි පුද්ගලයකු යාපනයේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇත.

පෙරේදා (15දා) කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හංදිය අසලදී විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එහිදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 18 ග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි කයිට්ස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය භාර පොලිස් අධිකාරී හේරත්ආරච්චි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී.පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක එච්.ඩී.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment