කොටස් වෙළෙඳපොළේ අද ගනුදෙනු වරුවක් පමණයි

17

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් අද (06දා) කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු අද 9.30 සිට දහවල් 12.30 දක්වා පමණක් සිදුකරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය පෙ.ව. 9.30 සිට ප.ව. 2.30 දක්වා ක්‍රියාත්මක වේ. කොටස් වෙළෙඳපොළ සමාජිකයන්ගේ පහසුව පිණිස කොළඹ කොටස් වෙළෙඳපොළ මේ තීරණය ගෙන ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment