කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 16,000 සීමාව ඉක්මවා ගොස් ඇත.
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ මෙවන්නක් සිදු වූ පළමු අවස්ථාව මෙය ලෙසින් වාර්තා වෙයි.
ඒ අනුව අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 403,94කින් ඉහළ ගොස් ඒකක 16,348,55ක් ලෙස සටහන් විය.
අද දින රුපියල් බිලියන 12,86ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.