කොමිස් අස්සෙන් විදුලි ටෙන්ඩර්

178

අඩු මුදලට ලබාගත හැකි විදුලිය රුපියල් බිලියන ගණනක කොමිස් ලබාගනිමින් වැඩි මුදලට සමාගම් වෙතින් මිලදී ගෙන එම බරපැන ජනතාව පිටපැටවීමේ මහා පරිමාණ මගඩියකට නව විදුලි පනත හරහා පිඹුරුපත් සැකසී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති චෝදනා කරයි.

ලොව බොහෝ රටවල සහ අසල්වැසි ඉන්දියාවේ ද විදුලි ඒකකයක විකුණුම් මිල ඩොලර් ශත 04ට අඩු බව පෙන්වා දෙන එම වෘත්තීය සමිති ටෙන්ඩර් ක්‍රමවේදයන්ට අනුව පසුගිය මැයි මාසයේදී විවෘත කළ ටෙන්ඩර් අනුව මෙගාවොට් 165 වන සූර්ය ව්‍යාපෘති කිහිපයක් සඳහා ඩොලර් ශත 5.24ක සිට 6.67ක් දක්වා මිල ගණන් ද මෙගාවොට් 50ක සුළං ව්‍යාපෘති සඳහා ඩොලර් ශත 4.88ක මිල ගණන් එක් විදුලි ඒකකයකට ලැබී ඇතැයිද සඳහන් කරයි.

එසේම පුනකාරී මෙගාවොට් 700ක සූර්ය ව්‍යාපෘතිය, ඔට්ටමාවඩි මෙගාවොට් 115ක සූර්ය ව්‍යාපෘතිය සහ අදානි මෙගාවොට් 484ක සුළං විදුලි ව්‍යාපෘතිය ද ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ලබාදීමට යන බව එම විදුලි වෘත්තීය සමිති පෙන්වා දෙයි.

අදාළ ව්‍යාපෘති ත්‍රිත්වය හරහා ඩොලර් ශත 15.60 සිට ඩොලර් ශත 8.26ක් දක්වා වන මිල ගණන් යටතේ පුනර්ජනනීය සූර්ය බල විදුලි ඒකකයක් මිලදී ගැනීමට සූදානමක් පැවැතිය හැකි බවද ඔවුහු කියති.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment