කොහුවල හන්දිය අද සිට මාස දෙකක් Traffic

1048

කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් අද සිට මාස දෙකක් එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කාළේය.”කොළඹ සිට පිළියන්දල දක්වා ගමන් කරන මාර්ගයේ කොහුවල මංසන්ධියේ ස්ථාපිත කරමින් පවතින ගුවන් පාලමේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කරමින් පවතිනවා. අගෝස්තු මස 15 වැනිදා දක්වා එම කටයුතු සිදුකරනවා. එමනිසා මාර්ග තදබදයක් ඇති වෙන්න පුළුවන් ඒ මංසන්ධිය අවට. ඒ නිසා විකල්ප මාර්ග භාවිත කරලා ගමන් පහසුව සලසා ගන්න. ” යැයි ද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment