කොළඹ කලාප වොලිබෝල් තරගාවලියේ ශූරතාවය සුසමයවර්ධන විදුහලට

0

කොළඹ කලාපයේ සියලු පාසල් කණ්ඩායම් පරාජයට පත්කරමින් කොළඹ කලාප පාසල් වොලිබෝල් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට අවුරුදු 16 න් පහළ කොළඹ සුසමයවර්ධන විදුහල සමත්විය.

අවසන් මහා තරගය (27 වැනිදා) නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේදී පැවැති අතර එම තරගයේදී කොටහේන ශාන්ත ලුසියා විදුහල පරාජයට පත්කරමින් සුසමයවර්ධන විදුහල ශූරතාවය දිනාගැනීමට සමත්විය.

එම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ චෙනුත් සන්වික, නිකිල පීරිස්, ශෙහාන් නෙත්සර, බිනුක සුලක්ෂණ, මිනල චලංක, ටෙවින් සිත්සර, නුවන්ත රූෂාන්, මනුජ හංසන, ජනිත් හර්ෂණ, තුවාන් හසන් යන සිසු දරුවන් සහ කණ්ඩායමේ පුහුණුකරු වන ලලිත් අශෝක මහතා ඡායාරූපයේ වෙති.

මෙම කොළඹ කලාප පාසල් වොලිබෝල් තරගවලදී කොළඹ සුසමයවර්ධන විදුහල අතින් කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායම ද පරාජය වී තිබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment