කොළඹ ජාතික රෝහලේ වාට්ටු ලිපිකාරිනියක ලෙස සේවය කළ ගීතිකා ස්වර්ණලතා විජේසූරිය මහත්මිය ඊයේ (19 දා) අලූයම මුල්ලේරියාව මූලික රෝහලේදී මියගියාය.
මියයන විට 53 හැවිරිදි වියේ පසු වූ අතර ඇය දියණිවරුන් දෙදෙනකුගේ මෑණියන් ද වූවාය. මතුගම පදිංචිව සිටි ඇය රෝහලේ වාට්ටු ලිපිකාරිනියක ලෙස විශිෂ්ට මෙහෙවරක නිරත වූ බව සමස්ත ලංකා වාට්ටු ලිපිකරු සංගමයේ ප්‍රධාන ලේකම් රේණුකා ලියනගේ මහත්මිය ‘දිවයින.ට පැවසුවාය තවදුරටත් කතාකළ ඇය මෙසේද කියා සිටියාය.
හරිම කනගාටුයි. මේ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පළවැනි කොවිඞ් මරණය. ගීතිකා මිස් කියන්නෙ ඉතාම හොඳ කෙනෙක්. මා ඇය සමග ජාතික රෝහලේ වැඩ කරන කෙනෙක් වශයෙන් ඈ ගැන දන්නවා. ගීතිකා මිස් ඒ ඒ වාට්ටුවලට ගිහින් රෝගියාගේ ඇඳ ඉහපත අරන් බලලා අදාළ ආහාර වට්ටෝරු නිකුත් කිරීම ඒ වගේම තව වැඩකටයුතු කළා. කොවිඞ් අවදානම නොතකා ඇයත් රෝගීන් වෙනුවෙන් කැපවුණා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
|