කෝටි 46ක අම්බර් තොගයක් අත්අඩංගුවට

86

ඉතා දුර්ලභ දැඩි ආරක්ෂිත ක්ෂීරපායි මුහුදු ජීවියකු වන නිල් තල්මසකු මරා එම සත්වයාට අයත් රුපියල් කෝටි 46 ක් වු වෙළඳපොළ වටිනාකමෙන් යුත් අම්බර් (සත්ව කොටස්) ළඟ තබා ගත් පුද්ගලයකු ගාල්ල රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විකිණීමට සූදානම් කර තිබූ කිලෝ 23ක් වූ මෙම අම්බර් තොගය පිළිබඳව තොරතුරු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබී තිබිණ.

රත්ගම ප්‍රදේශයේම පදිංචිකරුවකු සතුව තිබූ මෙම අම්බර් තොගය විදේශීය ගැනුම්කරුවකු වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවද හෙළි වී ඇත. මෙම අම්බර් මෙරට වෙළෙඳපොළ තුළ කිලෝ එකක් රුපියල් කෝටි දෙකක් පමණ වන බවද පැවසෙයි.

මෙම වැටලීම සඳහා විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් පරීක්ෂක එල්. ආර්. කරුණාතිලක, උප පොලිස් පරීක්ෂක එස්. එස්. සුබසිංහ, පොලිස් සැරයන් (20116) ලියනගේ පොලිස් සැරයන් (67759) ලියනගේ, කාන්තා පොලිස් සැරයන් නෙරන්ජලා, පොලිස් කොස්තාපල් (34936) මදුසංක, පොලිස් කොස්තාපල් වර්ණකුලසූරිය, කාන්තා පොලිස් කොස්තාපල් (11241) දිල්රුක්ෂි, පොලිස් කොස්තාපල් රියැදුරු (19192) බුද්ධික යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.

ගම්පොළ – සුරංග දිල්හාන්


advertistmentadvertistment