කෝටි 8700ක් පාඩුලු: සියඹලාණ්ඩුව සෝලා ව්‍යාපෘතියේ ටෙන්ඩර් පිළිවෙතට එරෙහිව සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

65

සී.අයි.ඩී.ය ළඟ නිහඬ විරෝධතාවකුත්

සියඹලාණ්ඩුවේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් සීයක සූර්ය බල (සෝලා) ව්‍යාපෘතියේ ටෙන්ඩර් ප්‍රදානය අනීතිකව සිදුවී ඇති බවත් ඒ නිසා රජයට රුපියල් කෝටි අටදහස් හත්සීයක පාඩුවක් සිදුවී ඇති බවත් එබැවින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසත් ඉල්ලා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (27දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.

අඩු ලන්සුකරුවන්ට ලබා නොදී වැඩි ලන්සු ඉදිරිපත් කළ අයට මෙම ව්‍යාපෘතිය ලබාදීම හරහා අදාළ පාඩුව සිදුවී ඇති බව ද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

පැමිණිල්ල භාරදීමට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ පිරිස විරෝධතා පෙළපාළියකින් යෑමට උත්සාහ කළ ද පොලිසිය ඊට ඉඩ ලබා දුන්නේ නැත. පසුව එම පිරිස පැමිණිල්ල භාරදෙන අතරතුරදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක ද නිරත වූහ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment