මෙරට ඉතිහාසයේ පළමුවරට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක මට්ටම ඉක්මවා ගොස් ඇත.
ඒ පිළිබඳව මහ බැංකුව සඳහන් කර ඇත්තේ නැව් සහ ගුවන් යානා ඉන්ධන සැපයුම් පරිමාවන් ඉහළ යාම එයට ප්‍රධානම හේතුව වන අතර රතු මුහුද ආශ්‍රිත නැව් ගමනාගමනයට ඇතිවූ බාධාද ඊට හේතුවී ඇත.
පසුගිය වසරේ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 12.8ක් වූ අතර, 2023 වසරට සාපේක්‍ෂව එය සියයට 7.02ක වර්ධනයකි.
තවද අපනයන ආදායම වර්ධනයට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ඇතුලු කාර්මික අපනයනවල ඉහළ යාමද හේතුවූ බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
|