ගාල්ල මහනගර සභාවේ නගරාධිපති ධුරය සදහා සමගිජනබලවේගයේ මොහොමඩ් මවුසුන් මොහමඩ් රෝෂාන් සහ උපනගරාධිපති ධුරය සදහා එජාපයේ ජිලිත් නිශාන්ත යන මහත්වරුන් නම් කිරිමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. එම නගර සභාවට විපක්ෂය විසින් බහුතර මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත.
ගාල්ල මහනගරසභාවේ තනිපක්ෂයක් වශයෙන් වැඩිම මන්ත්‍රිධුර සංඛ්‍යාවක් ජාතික ජනබලවේගය විසින් හිමිකරගෙන ඇත. එම පක්ෂය විසින් හිමිකරගෙන ඇති මන්ත්‍රිධුර සංඛ්‍යාව 17කි. සමගිජනබලවේගය මන්ත්‍රිධුර 09ක් හිමිකරගෙන ඇති අතර එජාපය විසින් හිමිකරගෙන ඇති මන්ත්‍රිධුර සංඛ්‍යාව 05කි. ශ්‍රිලංකා පොදුජන පෙරමුණ හිමිකරගෙන ඇති මන්ත්‍රිධුර සංඛ්‍යාව 03කි. පොදුජන එක්සත්පෙරමුණ මන්ත්‍රිධුර 02ක් හිමිකරගෙන ඇත.
ගාල්ල නගරාධිපති ධුරය සදහා ජාතික ජනබලවේගය විසින් ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර එය නගරසභා රැස්විම පැවැත්වෙන දින උදෑසන ප්‍රකාශයට පත්කිරිමට නියමිතව ඇති බවද එම පක්ෂයට සම්බන්ද ආරංචි මාර්ග සදහන් කරයි. ජාතික ජනබලවේගය ගාල්ල මහනගර සභාවේ බලය අනිවාර්යෙන්ම ස්ථාපිත කරණ බැව් වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසයි.