කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථය අද ( 11 ) අළුයම 4.30ට පමණ නුවරඑලිය, ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.
එම අනතුරේදී කාගේත් සිත් සසල කළ සිඳුවීම වූයේ තම දරුවාට අනතුරක් වන්නට නොදී , දරුවාට රැකවරණය දෙමින් බිලිඳා තුරුල් කරගෙන සිටි මවගේ
දිරියයි .බේරාගන්නා තුරුම ඇය තම බිලිඳා අතහැරියේ නැත .ඇය තම දරුවට සීරීමක්වත් නොවෙන්න දරුවව සිය සිරුරෙන් ආවරණය කරගෙන සිටි ජායාරූපය සමජ මාධ්‍යවල වේගයෙන් සංසරණය විය .එහෙත් අවාසනාවන්ත අයුරින් , මීට ටික වෙලාවකට පෙර ඒ දිරිය සම්පන්න මව සිය දිවියෙන් සමුගෙන තිබෙනවා . මේ අනුවේදනීය මරණය සිඳුවන්නේ ” අම්මාවරුන්ගේ දිනය එළැඹී අද ( 11 ) වීම සුවිශේෂී ය .