ඕපන්හයිමර් ඔස්කාර් ආධිපත්‍යය පතුරවයි

136


2024 ඔස්කාර් සම්මාන රාත්‍රිය එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී මේ වන විට පැවැත්වෙමින් පවතී.

එහිදී සම්මාන 07ක් දිනා ගනිමින් තම ආධිපත්‍යය පැතිරවීමට ක්‍රිස්ටෝෆර් නෝලන් අධ්‍යක්ෂණය කළ ඕපන්හයිමර් චිත්‍රපටය සමත් විය. ඕපන්හයිමර් මෙවර සම්මාන 13ක් සඳහා නිර්දේශ විණ.

පරමාණු බෝම්බය නිර්මාණය කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයා ගැන කියැවෙන ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපටය හොඳ ම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විණ. එමෙන් ම මෙවර සම්මාන උළෙලේ හොඳ ම අධ්‍යක්ෂවරයා ලෙස ද ක්‍රිස්ටෝපර් නෝලන් සම්මානයට පාත්‍ර විය.

96 වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳ ම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ඕපන්හයිමර් චරිතයට පණ පෙවූ කිලියන් මර්ෆි ය
හොඳ ම නිළියට හිමි ඇකඩමි සම්මානය මෙවර දිනා ගත්තේ පුවර් තින්ග්ස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන බෙලා බැක්ස්ටර්ගේ චරිතයට පණ පෙවූ එමා ස්ටෝන් ය.

හොඳ ම සහය නළුවාට හිමි සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ඕපන්හයිමර් චිත්‍රපටයේ රොබට් ඩව්නි ජූනියර් ය.

advertistmentadvertistment
advertistmentadvertistment