මතීෂට අද එක්දින ක්‍රිකට් තරඟ වරම්

222

තරග 3කින් සමන්විත ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. අද තරගයේදී මතීෂ පතිරණට එක්දින වරම් හිමිවීමට නියමිතය.තරග තුනම දිවා තරග ලෙස සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.ඒ අනුව පළමු එක්දින තරගය අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතය.තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසියට එක් වූ අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන ද එක්වී සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment