චන්ද්‍රිකාගේ ආරක්ෂාව අඩු කර නෑ – කැබිනට් ප්‍රකාශක

674

චන්ද්‍රිකාගේ ආරක්ෂාව අඩු කර නෑ-කැබිනට් ප්‍රකාශක හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

දැනට හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියලා තිබුණා එතුමියගේ ආරක්ෂාව ඉවත්කරනවා කියලා. එහෙම ඉවත් කිරීමක් කරලා නැහැ. ඇය ලිපියක් එවලා තිබුණා 30ක් දක්වා අඩුකරනවා කියලා ඒක වැරදියි. එතුමියට දැනටත් 57 දෙනෙක් දීලා තිබෙනවා.


advertistmentadvertistment