ජපාන සහය මුලින්ම ශ්‍රී ලංකාවට

234

ණය අර්බුදයට මුහුණ දෙන රටවලට සහාය වීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය මුදල් ඇමැති මසාටෝ කනිඩා මහතා පවසයි.

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ මැදි ආදායම්ලාභී රටවල ණය අර්බුදයට ජාත්‍යන්තර විසඳුමක් හිමිවිය යුතු බවය.

එවැනි ක්‍රියාමාර්ග සඳහා පැරිස් සමාජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ජාත්‍යන්තර සංවිධාන සමග ජපානය සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යන බව ද ඔහු සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment