චමල්ගේ ලියුම්වලට පසුගිය වසර 10 ක් තුළ මහවැලි ඉඩම් දුන් හැටි විමර්ශනය කරන්න – සජබ මන්ත්‍රී හේෂා ඉල්ලයි

44

හිටපු අමාත්‍යවරයකු වූ චමල් රාජපක්ෂ මහතාගේ ලිපිවලට අනුව මහවැලි අධිකාරිය සතු ඉඩම් අක්කර ගණන් ලබාදී ඇති බව සමගි ජනබලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.

එබැවින් නිසි ක්‍රමවේදයකින් තොරව ඉඩම් ලබාදී ඇති ආකාරය සම්බන්ධයෙන් වසර දහයක් හෝ ඇතුළත් වන පරිදි විමර්ශනයක් සිදුකරන ලෙස ද හේෂා විතානගේ මහතා නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මෙසේද පැවසීය.

“වසර දහයක් විතර ඇතුළත මහවැලි අධිකාරිය ඉඩම් නිදහස් කර ඇති ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන්න. නාමිකව මම කියන්නම්. අගෞරවයක් නෙවෙයි.

චමල් රාජපක්ෂ මහතාගේ ලිපිවලට අක්කර ගණන් ඉඩම් ලබාදී තිබෙනවා. කිසි පදනමක් නැහැ. නේවාසික ව්‍යාපාර කළමනාකරු ලෙස පත්වන්නෙත් දේශපාලන සුදුසුකම් තිබෙන අය මිස නියම සුදුසුකම් තිබෙන අය නෙවෙයි.

ඉඩම් කියන්නේ සීමිත සම්පතක්. ඒවා නිසි පරිදි කළමනාකරණය කළ යුතුයි. මොනව හරි ව්‍යාපෘතියක් නිවැරදිව කරන කෙනෙකුට ඉඩම් ලබා දෙන්න. ඒ වගේම පසුගිය අවුරුදු 10 ක කාලය තුළ ඉඩම් ලබාදී ඇති ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්න. මේ කියන අක්කර 39 ම දීලා තිබෙන ආකාරය වැරදියි. ඉඩම් ලබා දෙන්න තිබුණු සුදුසුකම දේශපාලන පක්ෂවලට සහාය වීම විතරයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment