චයිනීස් කුංෆු සහ ප්‍රංශ සවාට් කික් බොක්සිං පදක්කම් දිනති

46

ප්‍රංශ සවාට් කික් බොක්සිං තරගාවලිය

සමස්ත ලංකා තුන්වන ආධුනික හා සුපර් ෆයිටර් තරගාවලියේදී ප්‍රංශ සවාට් කික් බොක්සිං 2024 ශූරතාව දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා චයිනීස් කුංෆු සහ ප්‍රංශ සවාට් කික් බොක්සිං ඇකඩමිය සමත් විය.

රන් පදක්කම් 54 ක්, රිදී 36 ක් හා ලෝකඩ පදක්කම් දහයක් දිනා ගනිමින් ඔවුන් මෙම ශූරතාවය දිනාගනු ලැබුවේ එහි සියලු ගෞරවය ද සමඟිනි. නාවලපිටිය ජයතිලක ගෘහස්ථාගාරයේදී මෙම තරගාවලිය පැවැත්විණි.

මෙහිදී මෙහි අනුශූරතාවය දිනාගනු ලැබුවේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ ශ්‍රී ලංකා සදර්න් ෆිල්ඩ් ලෙජන්ඩ් ලීග් ඇකඩමිය විසිනි. ඔවුන් රන් පදක්කම් 13 ක්, රිදි හයක්, ලෝකඩ පදක්කම් තුනක් දිනාගනු ලැබීය. එහි තෙවැනි ස්ථානය බණ්ඩාරවෙල ක්‍රීඩා සමාජය විසින් දිනා ගනු ලැබීය.

මහනුවර ක්‍රීඩා සමාජයේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩකාවන් වූ තුෂාරි ගෞරංගනී ප්‍රනාන්දු, ආතිකා ෆස්මි හා අබ්දුල් රෂිඩ් පකිස්ථාන හා උස්බෙකිස්ථාන යන රටවල තිබූ ආසියානු ක්‍රීඩාවලදී රන්, රිදී පදක්කම් දිනා ඇති අතර ජාතික මට්ටමේ ක්‍රීඩාවලදී රන් පදක්කම් රැසක් දිනාගෙන ඇත.

චයිනීස් කුංෆු සහ ප්‍රංශ සවාට් කික් බොක්සිං පදක්කම් දිනති

මෙරට හැට අටවන ක්‍රීඩාව ලෙස පිළිගනු ලැබ තිබෙන මෙම ප්‍රංශ සවාට් කික් බොක්සිං ක්‍රීඩාවේ නිරත ගම්බද ළමුන් සඳහා ප්‍රමාණවත් ක්‍රීඩා උපකරණ වන අත්වැසුම්, මෙට්ට (තටාමි) පංචින් බෑග්, ඇඳුම් ඇතුළු බොහෝ දේ නොමැති අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා දෙමව්පියන් පවසන්නේ එවැනි පහසුකම් නොමැතිකම තම දරුවන්ට මේ තුළින් ඉදිරියට යෑමට බාධාවක් වී ඇති බවය.

ප්‍රංශ සවාට් කික් බොක්සිං සංගමයේ ප්‍රධාන පුහුණුකරු පී. එම්. නෞෂාඩ් මහතා සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යාංශය හෝ වෙනත් සංවිධාන මෙන්ම පරිත්‍යාගශීලීන් මෙම ළමුන්ට උදව් කරන්නේ නම් මීට වඩා රටට ජයග්‍රහණ ලබාදිය හැකි බවය.

ගම්පොළ -සුරංග දිල්හාන්


advertistmentadvertistment