පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන දිනය නිශ්චිතව සඳහන් කිරීමකින් තොරව එම මැතිවරණය කල් නොදැමිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
පක්ෂයක් ලෙස මැතිවරණ කල් දානවාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ බව පැවසූ මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කර සිටියේ රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව පළාත් පාලන මැතිවරණය කල් දමනවා නම් පළාත් සභා මැතිවරණය මෙන් දින නියමයක් නොමැතිව කල් නොදැමිය යුතු බවයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙනී සිටින බවත් පැවසූ කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා සැලසුම් කළ අනුරාධපුර රැලිය ඇතුළු ප්‍රචාරක කටයුතු ඒ ආකාරයට අඛණ්ඩව සිදුකරන බවයි.
එරික් ගාමිණී ජිනප්‍රිය