වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04දා) සිට 06 වැනිදා දක්වා වියට්නාම් සමාජවාදී ජනරජයේ රාජ්‍ය සංචාරයක නිරතවීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර ජනාධිපති දිසානායක මහතා වියට්නාම් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග නිල සාකච්ඡා පවත්වන අතර කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්භාවනීය අමුත්තන් හමුවනු ඇත.
හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද ජනාධිපතිවරයා සහභාගි වන අතර එහිදී ඔහු ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.
මෙම රාජ්‍ය සංචාරය අතරතුර දෙපාර්ශ්වය අවබෝධතා ගිවිසුම් සහ ගිවිසුම් කිහිපයක් ද අත්සන් කිරීමට නියමිත අතර ව්‍යාපාරික ප්‍රජාව සමග සම්බන්ධ වීමට ද සැලසුම් කර ඇත.
මෙම වසරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 55 ක් සපිරෙන බැවින්, වියට්නාම් සමාජවාදී ජනරජයේ සංචාරය දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජනාධිපතිවරයා සමග එක්වනු ඇත.