ජනපති අපේක්ෂකයෝ 35ක් වියදම් වාර්තා දෙති

44

සීලරතන හිමි – කීර්තිරත්න සහ අරියනේත්‍රම් තාමත් දී නෑ

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනකු ආදායම් සහ වියදම් වාර්තා ලබාදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

වියදම් වාර්තා ලබාදී නොමැති තිදෙනා වන්නේ ජනසෙත පෙරමුණේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන, සරත් කීර්තිරත්න සහ අරියනේත්‍රම් පාක්කියසෙල්වම්ය.

අපේක්ෂකයන් විසින් ආදායම් සහ වියදම් වාර්තා ලබාදී ඇතත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, එක්සත් ලංකා පොදුජන පෙරමුණ, සමබිම පක්ෂය, චන්න ලලිත් වික්‍රමසිංහ, එච්.එම්. අසිත බණ්ඩාර, අර්චනා රණතුංග යන අය අපේක්ෂකයන් නාමයෝජනා කළ ඡන්ද හිමියන් විසින් ආදායම් සහ වියදම් වාර්තා ලබාදී නැතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ජනාධිපතිවරණය පවත්වා දින 21ක් ඉක්ම යෑමට පෙර ඒ ඒ අපේක්ෂකයන් විසින් ජනාධිපතිවරණය සඳහා ලැබුණු ආදායම් සහ වියදම් වාර්තා ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම ලබාදී තිබූ කාලය පෙරේදා (13දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

චමින්ද සිල්වා


advertistmentadvertistment