මැ.කො.ට දැඩි ආරක්‍ෂාව
මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ නාමයෝජනා පත්‍ර භාරගැනීම සිදු කරනු ලබන 15 වැනිදා දින රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය අවට ආරක්‍ෂාව තර කිරීමට කොමිසමේ උපදෙස් පරිදි පොලිසිය තීරණය කර ඇත.
එමෙන්ම නාමයෝජනා පත්‍ර භාරදීමට පැමිණෙන අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන් ප්‍රමාණයද සීමාකර ඇත.
අපේක්‍ෂක පිළිගැනීම සඳහා පක්‍ෂවලට විවිධ ස්ථාන නම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. කේ. වී. රත්නායක මහතා පැවසීය.
අපේක්‍ෂකයන්ගේ ආධාරකරුවන් එකිනෙකා හමුනොවන ස්ථාන නම් කර ඇති අතර අපේක්‍ෂකයන්ට මැතිවරණ කාර්යාලයට පිවිසීමට වෙනම මාර්ග ද නම් කර තිබේ.
නාමයෝජනා භාරදීම සඳහා අපේක්‍ෂකයා සමග පක්‍ෂ ලේකම් ඇතුළු දෙදෙනෙකුට කාර්යාලයට පිවිසිය හැකිය. තවත් තිදෙනෙකුට වෙනම ගොඩනැගිල්ලක රැඳී සිටීමට අවස්ථාව සලසා ඇත.
නාමයෝජනා පත්‍ර භාර ගැනීම ලබන 15 වැනිදා පෙරවරු 9.00 සිට 11.00 දක්වා සිදු කරන අතර නාමයෝජනා පිළිබඳ විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 9.00 සිට 11.30 දක්වා අවස්ථාව හිමි වේ. ඉන් පසුව පිළිගත් නාමයෝජනා පත්‍ර ප්‍රමාණය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරේ.
මේ අතර තරග කරන අපේක්‍ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පතු භාර ගැනීම ලබන 14 වැනිදා මධ්‍යහ්න 12.00ට අවසන් වෙයි.
රනිල් ධර්මසේන