ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගිනිගැණුනු අලුත්ම මෝටර් රථය

385

ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පෙරේදා (29 දා) රාත‍්‍රී 10.30 ට පමණ අලුත්ම මෝටර් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමට ලක්ව ඇත.

මෝටර් රථය ගිනි ගන්නා අවස්ථාවේ රියැදුරු ඇතුළු සිව්දෙනෙක් ගමන් කර ඇති අතර ඔවුන් දෙහිවල සිට කිංස්බරි හෝටලයේ සිටින තම මිතුරන් දෙදෙනකු හමුවීමට මෙම රථයෙන් පැමිණ ඇත.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර ගිනි නිවීමේ රථ පැමිණ ගින්න නිවා දමා ඇත.

කොටුව පොලිස් ස්ථානය මගින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

පින්සිරි ආරියරත්න – රත්මලාන


advertistmentadvertistment