ඉන්දියාව සහ ජපානය අතර නිදහස් ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීම තම අරමුණ බව ජපාන අගමැති ෆුමිකො කිෂිඩා මහතා පවසයි. ඉන්දියාවේ පැය 27ක නිල සංචාරයක නිරත වෙමින් ඉකුත් සදුදා (20දා) නවදිල්ලි නුවරදී හෙතෙම මේ බව සඳහන් කළේය. සිය සංචාරයේදී ප්‍රධාන අරමුණ තුනක් ගැන ජපාන අගමැතිවරයා මෙහිදී හෙළි කළේය. ඉන්දියාව සහ ජපානය අතර ද්වි පාර්ශ්වික ආර්ථික ගිවිසුමක් සහ ආරක්ෂක සහයෝගීතාවයක් ඇති කිරීම, ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව පිළිබඳ ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව ද ඇතුළත් ආරක්ෂක වැඩ සටහන ද සහිත න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම සහ ජපානය සභාපතිත්වය දරණ ගෝලීය G-07 සමුළුවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම තම ප්‍රධාන අරමුණු බව සඳහන් කළේය. කලාපය තුළ වර්ධනය වන චීන බලපෑම් නිරීක්ෂණය කිරීමට ඉන්දියාවේ සහාය පතන බවද ජපාන අගමැතිවරයා සදහන් කළේය.එය හමුදා කණ්ඩායමක් යෙදවීම හෝ චීනයට එරෙහි වීමක් නොවන බව ද කීවේය.චීනය යනු ඉන්දියාව සහ ජපානයේ භෞමික අඛණ්ඩතාවය සහ ආර්ථික ආරක්ෂාව රැකගැනීම සඳහා මුහුණ දෙන ප්‍රධානතම පොදු අභියෝගය බවද ජපාන අගමැතිවරයා සදහන් කළේය. හිමාලයේ ලඩාක් සහ අරුණාචල් ප්‍රදේශ සහ නැගෙනහිර චීන මුහුදේ සෙන්කාකු දූපත් සම්බන්ධයෙන් චීනයේ මිලිටරි බලය ගැනද ජපානය අවධානයෙන් සිටින බව ද ජපාන අගමැතිවරයා කීවේය. ජපානය රුසියාවට එරෙහිව තවත් සම්බාධක බලාපොරොත්තුවේ.නමුත් G-20 සමුළුවේ සභාපති ලෙස ඉන්දියාව එවැනි නිවේදනයක් සදහා සමුළුව භාවිතා නොකරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එසේම යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද ඉන්දියාව රුසියාව සම්බන්ධයෙන් චෝදනා එල්ල නොකරන බව ද පවසයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා අවස්ථා කිහිපයකදීම හමුවී ඇත. 2022 වසරේ දී ජපානයේ පැවති ඝාතනයට ලක්වූ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයේ දී තුන්වරක් ද 2023 දී G-20 සහ G-07 සමුළු වලදී ද ක්වාඩ් ආරක්ෂක සමුළුවේදී ද හමුවී තිබේ. ඉන්දියාව සහ ජපානය අතර 2021 සහ 2022 වසර තුන ඇමෙරිකානු ඩොලර් බිලියන 20.57ක වෙළෙද කටයුතු සිදුව ඇත. එසේම ඉන්දියාව ජපානයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 14.49ක භාණ්ඩ ආනයනය කර ඇත.
|