ජල විදුලි උත්පාදනය ඉහළට බලාගාරවල විදුලිය නිපදවීම නවතී

461

ජල විදුලි නිෂ්පාදනය උපරිමයෙන් සිදුකරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුනි මහතා ඊයේ (16 දා) පැවසීය.

පෙරේදා (15 දා) ජල විදුලි උත්පාදනය සියයට 64 දක්වා වැඩිවී තිබූ බවත් බලාගාරවල ජල ධාරිතාව සියයට 79 දක්වා වැඩිව තිබූ බවත් ඒ මහතා කීය.

මේ වන විට නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර දෙකක නිපදවන විදුලිය ජාතික පද්ධතියට එකතු කර තිබෙන අතර අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබෙන ඉතිරි යන්ත්‍රයද නිපදවන විදුලිය මේ සතිය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට අදහස් කරගෙන සිටින බව ඒ මහතා කීය. බලාගාරයේ යන්ත්‍ර තුන මගින් මෙගාවොට් 900 ක් නිපදවන අතර ජාතික පද්ධතියට මෙගාවොට් 810 ක් එක් කෙරේ. මෙගාවොට් 90 ක් බලාගාරයේ අවශ්‍යතාවයට රඳවා ගනී.

රටට අවශ්‍ය විදුලිය ජලය, සුළං, සූර්ය බලාගාර හරහා ලබා ගන්නා අතර ඉන්ධන බලාගාරවලින් විදුලිය නිපදවීම නතර කර තිබේ. ඉන්ධන බලාගාරවලින් විදුලිය නිපදවීමක් සිදු නොවන නිසා දැනට විදුලිය කප්පාදුව පැය එකයි විනාඩි විස්සකට සීමා කර තිබේ.

චමින්ද සිල්වා
 


advertistmentadvertistment