කැලණිය විශ්වවිද්‍යාලයේ දීර්ඝ සේවා සම්මාන ප්‍රදානෝත්සවය සහ උපකුලපති සම්මාන ප්‍රදානෝත්සවය 2025 කැලණිය විශ්වවිද්‍යාලයීය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 01 වැනි දින කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේ දී පැවැත්විණි.
මෙම සම්මාන උළෙලේ දී විවිධ කාණ්ඩ යටතේ උපකුලපති සම්මාන ප්‍රදානය කළ අතර,මධ්‍යස්ථාන/ඒකකවල සාර්ථක අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පිරිනමන ලද සම්මානයකින් කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා පිදුම් ලැබීය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයා වශයෙන් වසර 04කට ආසන්න කාලයක් සේවය කරමින් සිටින අතර, මධ්‍යස්ථාන/ඒකකවල සාර්ථක අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පිරිනමන ලද සම්මානයකින් මෙවර පිදුම් ලැබුවේ අඛණ්ඩව තෙවැනි වරටය.