මානව හිමිකම් රකින්න ශ්‍රී ලංකාව කරන මෙහෙයට චීනයෙන් ඇගැයීම්
ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් සිදුකරන මෙහෙය චීනයේ ඇගයීමට පාත්‍ර වී තිබේ.
දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගෙන යමින් ආර්ථිකය ගොඩනැඟීම කෙරෙහි ලංකා රජය සිදුකරන කාර්යය අගය කරන බව මානව හිමිකම් කවුන්සලය නියෝජනය කරන චීන නිත්‍ය නියෝජිත ලී ෂිශාවෙයි සඳහන් කර ඇත.
ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේදී මේ කරුණු සඳහන් කර ඇත.
මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවට යෝජනා කරන වගවීමේ යාන්ත්‍රණයට චීනය එරෙහි බවද මෙහිදී අවධාරණය කර තිබේ.
චතුර පමුණුව